
ශ්‍රී ලංකාවට ජී. එස්. පී. ප්ලස් බදු සහනය ලබා නොදෙන ලෙසට යුරෝපා මන්ත්‍රීවරුන් පිරිසක් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3ට පැවැත්වෙයි.
බෙල්ජියමට ගොස් සිටින විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අද පැවැත්වෙන ජන්ද විමසීමේදී බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.
මන්ත්‍රීවරුන් පනස් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් එක්සත් යුරෝපා වමේ සහ උතුරු යුරෝපා හරිත වමේ ඒකාබද්ධ කණ්ඩායම පසුගිය සතියේදී අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර එමඟින් ඉල්ලා ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වගකීම් ඉටු කර නොමැති නිසා ශ්‍රී ලංකාවට ජී. එස්. පී. ප්ලස් බදු සහනය නැවත ලබානොදෙන ලෙසයි.
යුරෝපා පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 751කි.
අද පැවැත්වෙන ජන්ද විමසීමේදී එම යෝජනාවට අවම වශයෙන් මන්ත්‍රීවරුන් 373 දෙනෙකුගේ සහය ලැබුණහොත් ශ්‍රී ලංකාවට ජී. එස්. පී. ප්ලස් බදු සහනය නොලැබී යාමේ අවධානමක් පවතියි.



















































