header logo
SLIC
උණුසුම් පුවත්
දයාසිරි යන්නේ නෑ - ආණ්ඩුවේ තියෙන්නේ සංදර්ශන විතරමයි
Jul 22, 201302:29 PM
දයාසිරි යන්නේ නෑ - ආණ්ඩුවේ තියෙන්නේ සංදර්ශන විතරමයි
EDEX

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත්, හෙට දිනයේදී ඔහු පාර්ලිමේන්තුවේදී කිසිදු විශේෂ ප්‍රකාශයක් නොකරන බවත් එ.ජා.ප මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

දයාසිරි ජයසේකර මහතා පක්ෂය හැරයාමේ සුදානමක් ඇති බවට පළව ඇති වාර්තා ප්‍රතික්ෂේප කරන බව හෙතෙම කියයි.

ආණ්ඩුවේම වතු අධිකාරීවරුන් ඝාතනය කරන බවත්, එවා පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි බවත් අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

මහජන නියෝජිතයින් විසින් අල්ලස් ගැනීම්, විනෝදෙට වෙඩි තැබීම් වැනි දේ සිදු කරන නමුත් මෙම සිද්ධීන් විසඳිය නොහැකි බව මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දා පවසා ඇතැයි හෙතෙම එම අවස්ථාවේදී කීවේය.

වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති රුපියල් ලක්ෂ 15ක අල්ලස් ගත්තේ ප්‍රාදේශීය සභාපතිවරයෙකුගෙන්ම බවද අජිත් පෙරේරා මහතා සඳහන් කළේය.

ගමේ සිටින සිරියලතාලා, ගුණපාල ලා වාගේ පුද්ගලයින් මේ වගේ වැඩ සිදු කළානම් මේ වෙන කොට අත්අඩංගුවට ගෙන දඬුවම් පනවා හමරා වී ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.

මේ වන විට කිසිදු නඩුවක විභාග කටයුතු අවසන් කර නොමැති බවත්, තංගල්ලේදී විදේශීය කතකට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් නඩුව තවමත් විභාග වෙමින් පවතින බවද ඒ මහතා එම අවස්ථාවේදී පැහැදිලි කළේය.

මෙම ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ යුක්තිය, සාධාරණත්වය ඇත්තේ පහලින් බවත්, මෙම ආණ්ඩුවේ ඇත්තේ පළමුවත් සන්දර්ශන, දෙවනුවත් සන්දර්ශන, තෙවනුවත් සන්දර්ශන බව හෙතෙම පැවසීය.

76 වර්ෂයේදී මගුල් කා 77 දී සිරිමාවෝ ගෙදර ගියා සේ 2013 මගුල් කා 2014 දී මහින්ද ගෙදර යන බවත් එ මහතා කීවේය.

එසේම හමුදාවට පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමෙන් සෘජුව හෝ වක්‍රව රට හමුදා පාලනයකට යටත් වන බව ද හෙතෙම කීවේය.

ලාභ ලබන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා හමුදාවට අවස්ථාව ලබාදීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අජිත් පි. පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

එවැනි තත්ත්වයක් වත්මන් සහ අනාගත ආණ්ඩුවලට මෙන්ම පාර්ලිමේන්තුවට ද ජනතා පරමාධිපත්‍යයට ද තර්ජනයක් වන බව ඔහු පැවසීය.

ඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ජනාධිපතිවරයා බලයෙන් පහකිරීම ඇතුළු රටවල් රැසක හමුදාමය මැදිහත් වීම් සිදුවීම, හමුදාවට පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමේ ප්‍රතිඵල බව ද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට