
කොලොම්බියාවේ නිරිතදිග ප්රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14දෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම, තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ නාරිනෝ පළාතේ, සැන්ටා බාබරා ඩි ඉස්කුවාන්දේ ප්රාදේශීය පාලන බල ප්රදේශයට අයත් චැම්බෙරෝ ග්රාමීය ප්රදේශයේදීය.
මීට පෙර අගෝස්තු මාසයේදී ද නාරිනෝ පළාතේ පොලිකාර්පා නගරයේ සිදුවූ මෙවැනිම පතල් අනතුරකින් පුද්ගලයින් 13දෙනෙකු මියගොස් තිබිණි.
කොලොම්බියාවේ ග්රාමීය ප්රදේශ රැසක අවිධිමත් හා නිසි නියාමනයකින් තොර පතල් කර්මාන්තය බහුලව ක්රියාත්මක වන අතර, එම පතල්වල ප්රමාණවත් ආරක්ෂක පහසුකම් නොමැතිවීම හේතුවෙන් මාරාන්තික අනතුරු නිරන්තරයෙන් සිදුවන බව විදෙස් මාධ්ය වාර්තා කර ඇත.



















































