
ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ප්රංශයේ හටගත් විරෝධතා දැඩි ප්රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීම හේතුවෙන් එරට ප්රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
සාමකාමී අයුරින් ආරම්භ වූ මෙම විරෝධතා පසුව ප්රචණ්ඩකාරී කැරලි, කඩසාප්පු සහ ව්යාපාරික ස්ථාන කොල්ලකෑම් මෙන්ම ගොඩනැගිලිවලට ගිනි තැබීම් දක්වා වර්ධනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට අගනුවර වන පැරිස් නගරය ඇතුළු ලියොන් සහ මාසෙයි වැනි ප්රධාන නගර රැසක දේපළ හා ව්යාපාරික ස්ථානවලට දැඩි අලාභහානි සිදුව තිබේ.
රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, ඒ යටතේ මේ වන විට පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම සඳහා අදාළ නගරවල සීමිත ප්රදේශයන්ට ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.



















































