
රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්රව්ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ඊයේ (16) දින වෙරළබඩ පොලිස් ස්ථානයේ විශේෂ විමර්ශන අංශය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී රුපියල් 537,200ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය ග්රෑම් 63 මිලිග්රෑම් 200ක් පොලිස් භාරයටද ගෙන තිබේ.
වැල්ලම්පිටිය, කොටුවිල, කැලණි නදීගම ප්රදේශයේ පිහිටි නිවසකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි අයෙකු බවද සඳහන් වේ.
විදේශගතව සැඟව සිටින බවට සඳහන් සංවිධානාත්මක අපරාධ හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්රව්ය ජාලය මෙහෙයවීමෙන් සම්බන්ධයෙන් මෙම සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්රව්ය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු වෙරළබඩ පොලිස් ස්ථානය මගින් සිදුකරති.



















































