header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ක්‍රිෂ් නඩුව - නාමල් ලබන 23 දක්වා රිමාන්ඩ්
ක්‍රිෂ් නඩුව -  නාමල්  ලබන 23 දක්වා රිමාන්ඩ්
Mobitel 1278

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුකරය අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ සහ ජානකි සිරිවර්ධන යන අයගේ ඇප ඉල්ලීම්වලට අදාළ නියෝග අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව නඩුකරය කැඳවූ අවස්ථාවේදීත් මහේස්ත්‍රත්වරයා ප්‍රකාශය කළේ අද දින සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පමණක් ප්‍රකාශයට පත් කරන බවය.

සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අදාළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන්ට සූදානම් කරගත නොහැකි වූ බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම  නියෝගය ඊළඟ දින ප්‍රකාශයට පත්කරන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා "දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ තෘප්ත කළ යුතුයි. නමුත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම්වලට අදාළව ඉදිරිපත් වූ කරුණු වලින් අදාළ නීතිමය ප්‍රතිපාදන තෘප්ත කළ හැකි කරුණු ඉදිරිපත් නෑ"  ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකාර ජානකී සිරිවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අය ලබන 23 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටද මහේස්ත්‍රත්වරයා නියම කළේය.

එදින සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ක්‍රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...