header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහනුවරට මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමේ මුල් පියවර තබයි
මහනුවරට මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමේ මුල් පියවර තබයි
Mobitel 1278

මහනුවර නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි මෙට්‍රො බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමේ සැලසුම යටතේ, යෝජිත බස් මාර්ග හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂාවක් අද (15) ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් දැනට ක්‍රියාත්මක වන මෙට්‍රො බස් රථ සේවාව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙත ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, මහනුවර සිට ගම්පොල දක්වා යෝජිත මාර්ගයේ පරීක්ෂණ ධාවනයක් සිදු කරමින් නව මෙට්‍රො බස් සේවාව සඳහා මාර්ග හඳුනා ගැනීමේ කටයුතු ආරම්භ කෙරිණි.

මහනුවර නගරයෙන් ආරම්භ වූ මෙම පරීක්ෂණ ධාවනය සේනානායක වීදිය, දළදා වීදිය, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මුල්ගම්පල, ගැටඹේ හන්දිය, ගලහ හන්දිය, පේරාදෙණිය, අඟුනාවල, ගෙලිඔය, වැලිගල්ල සහ කහටපිටිය හරහා ගම්පොල නගරය දක්වා සිදු කෙරිණි. එහි අවසානයේදී කණ්ඩායම ගම්පොල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ පරිශ්‍රයට ළඟා විය.

කිලෝමීටර් 19කින් සමන්විත මෙම යෝජිත මාර්ගය මෙට්‍රො බස් රථ ධාවනයට සුදුසු පරිදි සංවර්ධනය කිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ද වැඩපිළිවෙළට සමගාමීව සිදු කිරීමට නියමිතය.

මෙම පරීක්ෂණ ධාවනයට පෙර, යෝජිත මහනුවර මෙට්‍රො බස් සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ සඳහා පොලිස් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයෝ සහභාගී වූහ.

ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙට්‍රො බස් රථ 122ක් යොදාගෙන මාර්ග හතක මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරයි.

ඉදිරි වසරවලදී මෙම නාගරික බස් රථ සේවාව මහනුවර, යාපනය සහ ගාල්ල යන නගර කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත කිරීමට ද සමාගම සැලසුම් කර තිබේ.

මෙම වැඩපිළිවෙළ හරහා නාගරික පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට පහසු ප්‍රවාහන සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට