
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තුන්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (13) පැවැත් වේ.
රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවති විස්සයි20 තරග දෙකම ජය ගනිමින් තරගාවලිය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම මේ වන විටත් සමත්ව ඇත.



















































