
2027 අයවැය හරහා පාසල් පොත්, ලිපිද්‍රව්‍ය සහ දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පවතින සියලු බදු ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මැතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් ප්‍රතිඥාවන් මතක් කරමින් යොමු කර ඇති මෙම ලිපිය මඟින්, පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සහ පවුල්වල ජීවන වියදම් ඉහළ යමින් පවතින පසුබිමක අඩු හා මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙත සෘජු සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා 0% VAT අනුපාතයක් හඳුන්වා දෙන බවට වූ පොරොන්දුව සිහිපත් කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහත සඳහන් භාණ්ඩ සඳහා පවතින VAT සහ අනෙකුත් බදු බර නැවත සමාලෝචනය කර ඉවත් කරන ලෙස ඉල්ලා සිටී.
පාසල් පොත් හා අභ්‍යාස පොත්
පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ
දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර
දේශීය කිරි හා බිත්තර
ළදරු හා ළමා පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර
මැතිවරණ සමයේදී ජනතාව හමුවේ ඉදිරිපත් කළ මෙම ප්‍රතිපත්තිමය පොරොන්දුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා 2027 අයවැය තුළින් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ.





















































