
2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හිටපු විනිසුරුවරියක වන නවනීදම් පිල්ලේට හිමි විය.
ස්වීඩනය මෙම ජයග්‍රාහකයා ප්‍රසිද්ධ කර පැය කිහිපයක් යාමට මත්තෙන් සමස්ත ජාත්‍යන්තර අපරාධ අධිකරණයටම බලපාන පරිදි දැඩි මූල්‍ය සම්බාධක පැනවීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබේ.
අමෙරිකානු රජයේ මෙම නව තීරණය ප්‍රකාශයට පත්කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැවසුවේ එරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ අමෙරිකානුවන්ට එරෙහිව නඩු පැවරීමට අධිකරණයට ඇති හැකියාවට විරෝධය පළකිරීම මෙම පියවරේ අරමුණ බවය.
නව සම්බාධක යටතේ අමෙරිකාවේ පවතින ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සියලු වත්කම් අත්හිටවනු ඇත.
එමෙන්ම අමෙරිකානු සමාගම්වලට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සමඟ ගනුදෙනු කිරීමද මෙමගින් සීමා කෙරේ.
ඒ අනුව අධිකරණයට බැංකු සේවා සහ පරිගණක මෘදුකාංග ඇතුළු භාණ්ඩ හා සේවා සැපයීමද බලපෑමට ලක්විය හැකි බව විශ්ලේෂකයන් පැවසීය.
මීට පෙර අධිකරණයේ විනිසුරුවරුන් සහ නිලධාරීන් 17 දෙනෙකුට අමෙරිකාව සම්බාධක පනවා තිබූ අතර, මෙවර සම්බාධක පනවා ඇත්තේ සමස්ත අධිකරණයටම එරෙහිව වීම විශේෂත්වයකි.





















































