
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලාස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස් හට වධහිංසා සිදුකිරීමට කුමන්ත්‍රණය කළ බවට අමෙරිකානු නීතිපති කාර්යාලය චෝදනා ගොනු කර තිබේ.
නව චෝදනා අද (08) ප්‍රසිද්ධියට පත්කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි සම්බන්ධයෙන් ඔවුන්ට මීට පෙර එල්ල කර තිබූ චෝදනාවලට අමතරව මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.
එම චෝදනා මදුරෝ සහ ෆ්ලෝරස් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
63 හැවිරිදි මදුරෝ සහ 69 හැවිරිදි ෆ්ලෝරස් මේ වනවිට බෘක්ලින්හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින අතර, පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු හමුදා වෙනිසියුලා අගනුවර කැරකස්හි පිහිටි ඔවුන්ගේ නිවසට සිදුකළ අලුයම වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මදුරෝ බලයේ සිටි සමයේ වෙනිසියුලාවේ රඳවා සිටි අමෙරිකානු පුරවැසියන්ට වධහිංසා සිදුකළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම නව චෝදනා ඉදිරිපත් කර තිබේ.
වෙනිසියුලාවේ මානව හිමිකම් සංවිධාන සහ හිටපු සිරකරුවන් එරට බන්ධනාගාර තුළ සිදුවන බව කියන “ක්‍රමානුකූල වධහිංසා” පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ චෝදනා එල්ල කර තිබේ.
මදුරෝ සහ ෆ්ලෝරස් දෙදෙනාට එරෙහි නඩු විභාගය 2027 ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.





















































