
2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කැනේඩියානු ලේඛිකා ඈන් කාර්සන් වෙත පිරිනමා තිබේ.
නවීන සාහිත්‍යය සඳහා නව ආකෘති නිර්මාණය කරමින් සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායන් සමඟ නිර්මාණාත්මක සංවාදයක නිරත වූ ඇයගේ සාහිත්‍ය කෘති වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1950 වසරේ කැනඩාවේ ටොරොන්ටෝහි උපත ලැබූ ඈන් කාර්සන් සම්භාව්‍ය භාෂා හා සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනය කළ ලේඛිකාවක වන අතර, කවිය, රචනා සහ පරිවර්තන ඇතුළු විවිධ සාහිත්‍ය ක්ෂේත්‍රවල කටයුතු කර තිබේ.





















































