
ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු සෑයට පැලඳවීමට තායිලන්තයෙන් මෙරටට වැඩම කරවූ රන් මිශ්‍ර කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය ඊයේ දිනය පුරා ටී.වී. දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කෙරුණි.
ඊයේ (07) පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා ලබාදී තිබූ එම කාලය තුළ සැදැහැවතුන් විශාල පිරිසක් එය වන්දනාමාන කරගැනීම සඳහා පැමිණ සිටියේය.
මේ අතර අද (08) උදෑසන ඊට අදාළ ආගමික වතාවත් පැවැත්වුණ් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
අනතුරුව අද පෙරවරුවේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය කඩවත රන්මුතුගල රජමහ විහාරය වෙත වැඩම කරවීම ආරම්භ කෙරුණි.
අද පස්වරු 5.00ට කුරුණෑගල ඇත්කඳ රජමහ විහාරයේදීත්, රාත්‍රී 7.00 සිට ගලේවෙල ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානයේදීත් කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය වන්දනාමාන කර ගැනීමට සැදැහැති ඔබට අවස්ථාව උදාවනු ඇත.
අනතුරුව හෙට සිට ලබන 18 වැනිදා දක්වා මිහින්තලා පුදබිමේදී කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය තැන්පත් කෙරේ.
ඉන් පසු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවී වසර 2,286ක් සපිරෙන ලබන 18 වැනිදාට යෙදෙන සුබ මොහොතින් මිහිඳු චෛත්‍යරාජාණන්වහන්සේ වෙත කොත සහ චූඩා මාණක්‍යය පැලඳවීම ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.





















































