
උස්ගල සියඹලාංගමුව හා මීගලෑව ප්‍රදේශවල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරුන් දෙදෙනෙකු, වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගයක් සමඟ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 හැවිරිදි සහ 33 හැවිරිදි පියපුතු දෙපළකි.
අදාළ ස්ථානයේ තිබී ලියාපදිංචි නොමැති ඖෂධ තොගයක් සහ කල් ඉකුත්වූ ඖෂධද තොගයක්ද සොයාගෙන තිබේ.





















































