
මල්වාන ප්‍රදේශයේ පිහිටි සිව්මහල් නිවසක තිබි රුපියල් කෝටි හතකට ආසන්න බීඩි එතීමට භාවිතා කරන තෙණ්දු කොළ කිලෝ 9,100ක් සොයා ගැනීමට සුරා බදු අධිකාරියේ විශේෂ මෙහෙයුම් වැටලීම ඒකකයේ නිලධාරීන් සමත්වුණි.
ඊයේ (07) සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
නිවෙස් හිමිකරු කාලයක් තිස්සේ බීඩි වෙෙළඳාමේ යෙදී සිටියද ඔහුට තෙණ්දු කොළ ගබඩාකර තබා ගැනීමට බලපත්‍රයක් නොමැති බවයි අනාවරණවී තිබේ.





















































