
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4 හමාරකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී ජා ඇල ප්‍රදේශයේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍යවල බර කිරීම සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදියක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව සඳහන් වෙයි.
මේ අතර සැකකරු විසින් විදේශගතව සැගව සිටින ජාවාරම්කරුවන් විසින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය කොටස් කර විවිධ පුද්ගලයින්ට අලෙවි කරන බවට සැකකෙරෙන බවට විමර්ශන නිලධාරීන් පවසා තිබේ.





















































