
මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ ප්‍රාන්ත නියෝජිත පිරිසක් හෙට (09) මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.
අමෙරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව වෙෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම සහ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
එක්සත් ජනපදයේ රනිල භෝග (කඩල, පරිප්පු සහ වියළි කඩල) නිෂ්පාදනයෙන් ප්‍රමුඛස්ථානය ගන්නා මොන්ටානා ප්‍රාන්තයේ නියෝජිත පිරිස, මෙරට රනිල භෝග ආනයනකරුවන් සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් හමුවීමට සැලසුම් කර ඇත.
එමගින් මොන්ටානා ගොවීන්ට නව වෙෙළඳපොළ අවස්ථා උදාකදීමට මෙන්ම ශ්‍රී ලාංකික ව්‍යාපාර සමඟ පවතින වාණිජ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.





















































