
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විට කොළඹ 05 ස්ථානයේ පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.





















































