
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓහිහාසික ජයග්‍රහණ රැසක් කරා මෙහෙය වූ හර්මන්ප්‍රීට් කෝර් සියලුම ආකාරයෙන් ආකෘතිවල නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
අද (6) උදෑසන සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
කණ්ඩායම යහපත් මට්ටමක පවතින බැවින් නායකත්වයෙන් ඉවත් වූ බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය නිසාම තවදුරටත් ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බවත් ඇය එහි සඳහන් කර ඇත.
පසුගිය වසරේ පැවැති කාන්තා එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් ඉන්දියාවට පළමුවරට කාන්තා ලෝක ශූරතාවක් දිනාගැනීමට නායකත්වය දුන් කෝර්, තවත් ගෞරවාන්විත ජයග්‍රහණ රැසක් කරා ඉන්දීය කණ්ඩායම මෙහෙයනු ලැබීය.
මේ වනවිට 37 වැනි වියේ පසුවන ඇය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 5ක්, එක්දින තරග 51ක් සහ විස්සයි20 තරග 155ක් සඳහා නායකත්වය ලබා දී තිබේ.
ඉන්දීය නායකයා ලෙස ඇයගේ අවසන් කාර්යය වූයේ ජපානයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දීය කාන්තා කණ්ඩායමට අඛණ්ඩව දෙවැනි වරටත් රන් පදක්කම කරා මෙහෙයවීමය.





















































