
පියයරු පිළිකා හේතුවෙන් දෛනිකව මෙරටින් පුද්ගලයින් තිදෙනෙකු මියයන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසුවේ වසරකට එම පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තාවන බවයි.
කොළඹ නගර සභාවේ පිළිකා මර්ධන වැඩසටහන පිළිබඳ පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය සේනක තලගල මහතා මෙම අදහස් පළ කළේය.
"ලංකාවේ වැඩිපුරම දක්නට ලැබෙන පිළිකාව විශේෂයෙන්ම කාන්තාවන් අතර බහුලතම පිළිකාව පියයුරු පිළිකාව. අවුරුද්දකට මේ වෙන කොට අපි දකිනවා 6,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම 1,000කට අධික සංඛ්‍යාවක් රෝගීන් මියයනවා. අපි සාරාංශගත කරොත් එහෙම හැම දවසකම අලුතින් රෝගීන් 17 දෙනෙකු වාර්තා වෙන අතර 3දෙනෙකු මියයනවා. වැදගත් වෙන්නේ රෝගය කල් ඇතිව හඳුනාගැනීම. ඒ වගේම නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් පසු විපරම් කිරීම. සහ ඔවුන් රැක බලා ගැනීම.අවාසනාවකට අපි දකින දෙයක් තමයි බොහෝ ප්‍රමාද වෙලා රෝගීන් රෝග ලක්ෂණ පැහැදිලිව පේන්න තිබියදීත් රෝගීන් රෝහල් කරා පැමිණෙනවා එතනදි ප්‍රතිකාර වලින් හොඳ ප්‍රතිඵල ලබාගන්න අමාරුයි "





















































