
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන සිකුරාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාව සිකුරාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ අතර, කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ පසු මීළඟට එන පළමු පාර්ලිමේන්තු සතියේදීම එය විවාදයට ගන්නා ලෙස යෝජනා කරන බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.





















































