
සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 9යි එක් පන්දුවකදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
දෙරට අතර පැවති පළමු විස්සයි20 තරගය ද බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ජය හිමිකර ගනු ලැබීය.





















































