header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
Mobitel 1278

රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට තොරතුරු ලබාදුන් උපාය දූතයා ඝාතනය කිරීම සඳහා  උත්සහාකළ “මධුවා” නැමැති පුද්ගලයෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම බළකායේ විශේස පොලිස් කණ්ඩායමක් විසින් සෙල්ලකතරගම ලක්ෂ්මී දේවාලය ඉදිරිපිට කඩ කාමරයක රහසිගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මධුක චාමර නොහොත් “මධුවා” නමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවන් වන “අංගොඩ ප්‍රියංකර” සහ “රූබන්” යන අයගේ සමීපතමයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මධුවා සතුව තිබී උපාය දූතයා ඝාතනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර තිබූ මන්නා පිහි දෙකක්, හෙරොයින් ග්‍රෑම් 08ක් සහ පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයට සවිකර තිබූ ව්‍යාජ අංක තහඩුවට අදාළ ලියකියවිලි ද පොලීසිය සොයාගෙන තිබේ.

එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් දෙවන සැකකරු වන්නේ ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි නලීන් නමැත්තෙකි.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සොයාගෙන තිබේ.

“මෙම දෙවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී මොහුගේ අත් අකුරින් සිය පුතාට සියදිවි නසා ගන්නා බවට ලියන ලද ලිපියක් හමුවී ඇති අතර මහමගදී ජීවිත අවධානමක් ගනිමින් ආයුධවලින් කපාකොටා සිය ජීවිතය පරදුවට තබා මාරාන්තික ප්‍රහාරයක් ලෙස මහමගදී මෙම ඝාතනය සිදු කිරීමට සැළසුම් කර තිබූ බවට අනාවරණය වී ඇත”

තුන්වන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුසන්ත නමැත්තෙකි.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.

සුසන්ත, ප්‍රධාන සැකකරු වන මධුවාගේ මස්සිනා බවත්, මධුවා සහ සුසන්ත යන දෙදෙනාට එරෙහිව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුවක් අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා පොලිස් ජීප් රථයකට සමාන නිල් පැහැති ජීප් රථයකින් කිරින්ද ප්‍රදේශයේ උපාය දූතයා රැඳී සිටින නිවස වෙත ගොස් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව එම ඝාතනය සඳහා යොදාගත් ජීප් රථය ගිනි තබා විනාශ කිරීමට ද සැලසුම් කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ ජීප් රථය කඩුවෙල, හේවාගම, රාජසිංහ මාවතේ පිහිටි ගරාජයක සඟවා තිබියදී පසුගිය සැප්තැම්බර් 08 වනදා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

එම ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කිරින්ද පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

මෙම සිද්ධියට පසුබිම් වී ඇත්තේ 2025 නොවැම්බර් 29 වනදා කිරින්ද මුහුදුබඩ ප්‍රදේශයේදී සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් බව වාර්තා වෙයි.

එහිදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක්, එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන පැමිණි බව කියන සැකකරුවන් 08 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ වාහන 06ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.

එම වැටලීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම යටතේ අදාළ උපාය දූතයා තොරතුරු ලබාදී තිබූ බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, විදේශගතව සිටින බව කියන “රූබන්” සහ “අංගොඩ ප්‍රියංකර” යන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවන ලද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පොලීසියට හසුවීමෙන් සිදුවූ අලාභයට පළිගැනීමක් ලෙස උපාය දූතයා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

එහිදී උපාය දූතයා පැහැරගෙන ගොස් ඝාතනය කර, ඔහුගේ හිස සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවස ඉදිරිපිට දමා යාමට සැලසුම් කර තිබූ බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, එම සැලසුම ව්‍යර්ථ වීමෙන් අනතුරුව මාස 09කට පමණ පසු, එනම් 2026 සැප්තැම්බර් 05 වනදා උදෑසන 06.00ට පමණ කිරින්ද වරාය දෙසට ගමන් කරමින් සිටි උපාය දූතයා අනතුරකට ලක්කර ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ සඳහා මෙම ව්‍යාජ පොලිස් ජීප් රථය යොදාගෙන ඇති අතර, එහිදී උපාය දූතයා ඉන් මිදීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා තිබේ.

ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට