
සමුද්‍රීය තොරතුරු හුවමාරුවේදී මුහුණදීමට සිදුවන පොදු අභියෝග ජය ගැනීම සහ කලාපීය තොරතුරු හුවමාරු යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, විදේශීය සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන නියෝජිත පිරිසක් කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ විශේෂ සංචාරයක නිරත විය.
පසුගිය 14 සහ 15 යන දෙදින තුළ පැවති මෙම සංචාරය සඳහා මැඩගස්කරයේ කලාපීය සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය වෙතින් නියෝජිතයින් දෙදෙනෙකු, සීෂෙල්ස්හි කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙතින් නියෝජිතයින් දෙදෙනෙකු, ජාත්‍යන්තර පොලිස් සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙකු සහ කොළඹ ජාතික මධ්‍යම කාර්යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ඇතුළු අටදෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සහභාගී වූහ.
සමුද්‍රීය තොරතුරු විලායනය හා සම්බන්ධ ප්‍රායෝගික ප්‍රවේශ, සාර්ථක ක්‍රියාමාර්ග සහ දැනුම පාර්ශවයන් අතර හුවමාරු කර ගැනීම මෙහිදී සිදුවීය.
එලෙසම කලාපීය සමුද්‍රීය තොරතුරු හුවමාරුවේදී පවතින ගැටලු හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමේ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කිරීම සහ සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථාන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර පවතින සඵලදායී සම්බන්ධීකරණය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.



















































