header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඉදිරි වර්ෂාපතනය හමුවේ ඩෙංගු නැවතත් ඉහළ යා හැකියි
ඉදිරි වර්ෂාපතනය හමුවේ ඩෙංගු නැවතත් ඉහළ යා හැකියි
Mobitel 1278

සෑම දිස්ත්‍රික්කයකම තවමත් සිදු කෙරෙන කීට පරීක්ෂණ වැඩසටහන් තුළින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමුවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ඊයේ (14) දින සිට සතියක කාලසීමාවක් දක්වා ආරම්භ කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරයා ඒ බව පැවසීය.

කෙසේ නමුත් පසුගිය කාලයේ ඇති වූ ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ යම් කිසි අඩුවීමක් පවතින පවතින බව පෙන්වා දුන් ඒ මහතා සෞඛ්‍ය අංශ සහ ජනතා කැපවීම මත මෙම කාර්ය සිදු කර ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සතියක කාලයක ඩෙංගු මර්දන වැඩසටහනක් නැවත ඇරඹීමට හේතු වූයේ ඉදිරි වැසි තත්ත්වයන් මත ඩෙංගු රෝගය නැවත හිස එසවීමට ඇති හැකියාව හේතුවෙන් බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව රෝගය නැවත උත්සන්න වීම මැඩ පැවැත්විම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන පළාත් 6ක සහ දිස්ත්‍රික්ක 15ක ක්‍රියාත්මක වන බවත් ඒහා සමගාමීව කොළඹ නගර සීමාව තුළද ක්‍රියාත්මක වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම වැඩසටහන සඳහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් සඳහා කණ්ඩායම් 10 බැගින් යොදවන බවත් පැවසූ වෛද්‍යවරයා මෙම කණ්ඩායම් 10 සඳහා සෞඛ්‍ය සේවකයෙක්, හමුදා නිලධාරියෙකු, පොලිස් නිලධාරියෙකු සහ ස්වේච්ඡා සේවකයින් සම්බන්ධ වෙන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා,

"ඊයේ සිට සතියක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පටන් ගත්තා. මේකට අරමුණ වුණේ අපිට දැන් ඉඳන් ඉස්සරහට මාස කිහිපයක් තුළ එන ඊසාන දිග මෝසම් සුළං, එල්නිනෝ තත්ත්වය නිසා පුරෝකථනය කරන වැසි තත්ත්වයන් සහ අන්තර් මෝසම් සුළං කාලයත් එක්ක ලැබෙන වැසි තත්ත්වයන් එක්ක නැවත වරක් මේ ඩෙංගු රෝගය හිස ඔසවන්න පුළුවන් කියන තත්ත්වයත් එක්ක මෙය මැඩපැවැත්වීම තමයි මෙහි අරමුණ වුණේ.

මෙම අවස්ථාවේ රෝගී සංඛ්‍යාව ගත්තොත් පසුගිය කාලයේ ඇතිවුණ අධි අවදානම් තත්ත්වන් එක්ක ගත්තොත් යම්කිසි අඩුවීමක් තියෙනවා. ඒ දවස්වල දෛනිකව රෝගීන් 1,200ක් - 1,300ත් අතර ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් මේ වන විට සමස්තයක් විදිහට ගත්තොත් වාර්තා වෙන්නේ රෝගීන් 159ක්. මේ අවස්ථාවේදී පසුගිය කාලයේ කරපු වැඩසටහන් සහ ජනතාවගෙන් ලැබුණු සහයෝගය තුළ අපිට හැකියාව ලැබුණා ඉතාමත් ඉක්මනින් මේ අධි අවදානම් වසංගත තත්ත්වය අවම කරගන්න. නමුත් මෙයින් අපි සෑහිමකට පත්විය නොහැකියි. මොකද අපි මේ දවස්වල සෑම දිස්ත්‍රික්කයකම කරන කීට සමීක්ෂණ තුළ සොයාගෙන තියෙනවා ඩෙංගු බෝවන ස්ථාන තවමත් පවතිනවා. ඒ නිසා මේ තත්ත්වය මැඩ පැවැත්වීමට තමයි මේ විශේෂ සතියක වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

මේ වැඩසටහන පළාත් 7ක ක්‍රියාත්මක වෙනවා. ඒ එක්කම දිස්ත්‍රික්ක 15ක් සහ කොළඹ නගර සභා සීමාව ඇතුළු ස්ථාන 16ක ක්‍රියාත්මක වෙනවා. සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඒ සෑම කොට්ඨාසයකටම කණ්ඩායම් 10 බැගින් යැවෙනවා. එක කණ්ඩායමකට සෞඛ්‍ය සේවකයෙක්, හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක් සහ ස්වෙච්ඡා සේවකයින් සම්බන්ධ වෙනවා. ඊට අමතරව රාජ්‍ය පරිපාලන සහ පලාත් සභා අමාත්‍යාංශයේ මැදිහත් වීම තුළ ප්‍රාදේශීය ලේකම් දිසා ලේකම් මේකට සම්බන්ධ වෙලා ඒ හරහා බිම් මට්ටමේ ග්‍රාම සේවක නිලධාරීන් සම්බන්ධ වෙලා තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ටාස තුළ සිදු කෙරෙන සුද්ධ පවිත්‍ර කිරීම් වැඩසටහන් සඳහා සම්බන්ධ වෙනවා."

මේ වන විට ඩෙංගු රෝගීන් 97,848ක්

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,848ක් බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කළේය.

ඒමෙන්ම මෙම රෝගීන් අතුරින් පුද්ගලයින් 74 දෙනෙකුද ජීවිතක්ෂයටද පත්ව ඇති බවද ඒම ඒ්කකය සඳහන් කර තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම රෝගීන් සංඛ්‍යාව 20,786කි.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒම ගණන 19,311කි.

‌ඩෙංගු මර්දන ඒ්කක සඳහන් කරනුයේ මේ වන විට අදි අවදානම් කලාප 35ක් තවදුරටත් පවතින බවය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට