header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඉදිකිරීම් සහකරවරුන් ලෙස තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහන ඇරඹේ
Sep 14, 202603:01 PM
ඉදිකිරීම් සහකරවරුන් ලෙස තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහන ඇරඹේ
Mobitel 1278

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නව වැඩසටහනක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

ඒ, ඔවුන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින්ය.

ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතිය ද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීමක් දැකිය හැකිය.

ඒ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතැම් රැකියා සඳහා 'කම්කරුවන්', 'අත්වැඩකරුවන්' සහ 
'අත්උදව්කරුවන්' වැනි තනතුරු නාම භාවිතවීම, එම රැකියා සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රමාණවත් ගෞරවයක් හා අභිමානයක් ගොඩනැගී නොතිබීම හේතුවෙනි.

විධිමත් සේවා කොන්දේසි, EPF සහ ETF වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොමැති අවිධිමත් රැකියා ලෙස පැවතීම ද තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයෙන් ඈත්වීමට බලපාන කරුණු ලෙස හඳුනාගෙන ඇත.

එම බාධක ඉවත් කරමින්, නිශ්චිත ආදායමක්, ගෞරවනීය තනතුරු නාමයක්, සේවා සුරක්ෂිතතාව සහ අභිමානය සහිත රැකියාවක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව, ජාතික ඉදිකිරීම් සංගමය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

වැඩසටහනේ සමාරම්භය ලෙස, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හඳුනාගත් මහවැලි සී කලාපයේ තරුණයින් 40 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම සඳහා පුහුණුව අද (14) අඹේපුස්ස සිංහ රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.

දින පහක් පුරා අඹේපුස්ස යුද්ධ හමුදා කඳවුරේ නේවාසිකව පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම, රැකියාවකදී පවත්වාගත යුතු වෘත්තීය හැසිරීම් හා විනය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ඇතුළු ක්ෂේත්‍රයට අවශ්‍ය මූලික දැනුම හා කුසලතා ලබාදීමට නියමිතය.

පුහුණුව සාර්ථකව අවසන් කරන තරුණ තරුණියන් “ඉදිකිරීම් සහකාරවරුන්” ලෙස හඳුන්වා දෙමින්, ස්ථිර වැටුපක්, EPF සහ ETF ඇතුළු සේවා ප්‍රතිලාභ සහ අනෙකුත් දීමනා සහිත ආකර්ෂණීය රැකියා අවස්ථා සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් වෙත සෘජුවම යොමු කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට