
රජය ඒකාධිපතිත්වයේ ගමන් මාර්ගයක ගමන් කරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය කරා ගෙන යමින් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර නව නගරයේ පැවැති වැඩසටහනදීය.
එහිදී විපක්ෂ නායකවරයා චෝදනා කරමින් පැවසුවේ මේ වන විට රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත් විකෘති ආණ්ඩුව විසින් මේ වන විට පුරවැසි සහභාගීත්වය අඩු කිරීමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩ අහුරමින් කටයුතු කරන බවය.
මෙහි ආරම්භය ලෙස යෞවන සමාජ නිලවරණ තුළින් ආරම්භ වූ බවත් අනතුරුව සිවිල් ආරක්ෂක කමිටු දක්වාත් මේ වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සියල්ල විනාශ කර තනි මතයට කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
තනි මතයට කටයුතු කරමින් ආණ්ඩුව ගමන් කරමින් පවතින මෙම පියර හේතුවෙන් මේ වන විට රට කඩා වැටී ඇති බවත් පවසන විපක්ෂ නායකවරයා පැවසුවේ ජනාධිපතිවරයාට මේ වන විට ඇත්තේ සදාකාලිකවම තනි පක්ෂයක් රට පාලනය කිරීමේ අරමුණ බවය.
සමස්ත ආණ්ඩුව සහ රාජ්‍ය යාන්ත්‍රණය එක් පක්ෂයක නියෝග හරහා ක්‍රියාත්මක කරමින් රජයට කටයුතු කරන බවත් මේ හේතුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

















































