
අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දුන්නාය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස ද ඇය කටයුතු කළාය.
දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාර ධුරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

















































