header logo
SLIC
උණුසුම් පුවත්
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය
1h ago
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (03) ආරම්භ වුණි.

ඒ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස හා දූෂණය දුරු කිරීමේ ක්‍රියාවලිය උනන්දුකිරීමේ අරමුණින් රජය මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය. 

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමට රජය සූදානමින් සිටින බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියේය.

අනතුරුව අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනු කර ඇති මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

"වත්මන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කරන අවස්ථාවක නඩු විභාගය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව දක්වා තිබෙනවා. සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක සැකකරුවකු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය හිමියි. නමුත් යෝජිත සංශෝධනය තුළින් දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය සංශෝධනය කිරීම හරහා, අල්ලස් ඉල්ලීම, ලබාදීම සහ අල්ලස් දීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු හෝ අධිකරණයට භාර වන පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමට තිබෙන බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත්කර තිබෙනවා. එම බලය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරෙනවා. එය අතිශය භයානක තත්ත්වයක්. මේ තුළින් මහේස්ත්‍රාත්වරයා හුදු රබර් මුදාවක් බවට පත්වෙනවා. මොකද මෙහිදී ඇප ලබාගැනීම සඳහා මහාධිකරණය වෙත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරිමට සිදුවෙනවා. මහාධිකරණයේදී ඇප ලබාදීමට පැමිණිල්ල විරෝධතා මතු කළහොත් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමට මාස කිහිපයක් ගතවිය හැකියි. එතෙක් සැකකරුවන්ට නිකරුණේ රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවෙනවා. එබැවින් මෙම සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගලික නිදහස අහිමි වී මූලික අයිතිවාසිකම් කප්පාදුවීමක් සිදුවෙනවා. එමෙන්ම ජනතාව සතු අධිකරණ බලය කප්පාදු වෙනවා. ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 යන ව්‍යවස්ථා උල්ලංඝනය වෙනවා. "එම නිසා මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස මා අධිකරණයෙන් ඉල්ලාසිටිනවා."

අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දැක්වූවාය.

"යෝජිත සංශෝධනය තුළින් අධිකරණය සතු බලය කප්පාදු කර විධායකය වෙත පැවරීමක් සිදුවෙනවා. අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් අවස්ථාවක අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කරනවිට එම පුද්ගලයා නඩු විභාගය අවසන් වනතෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණයට සිදුවෙනවා. නඩු විභාගය අවසන් වන තෙක් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත්කිරීම කියන්නේ දඬුවමක්.අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප ප්‍රදානය කිරීම තමයි අපගේ නීතිය. මෙම සංශෝධනය හරහා ඇප පනත උල්ලංඝනය වෙනවා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ නිලධාරියෙකු නොවේ. ඔහු විධායකය නියෝජනය කරන තැනැත්තෙක්. එවැනි පුද්ගලයෙකු වෙත මෙතරම් විශාල බලයක් පැවරීම අතිශය අනතුරුදායකයි. මෙවැනි සංශෝධනයක් අනුමත කළොත් සිදුවන්නේ කුමක්ද? අවසානයේ දී ජනතාවට යුක්තිය පතා යාමට තැනක් නැතිවෙනවා.මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වන බැවින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වියයුතුයි."

තවත් පෙත්සමකාර පාර්ශවයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, "දූෂණ විරෝධී පනත යටතේ පුද්ගලයින්ගේ වත්කම් සහ බැරකම් අල්ලස් කොමිසමේ නිල වෙබ් අඩවියේ පළකිරීම ඉතා වැදගත්,අගය කළයුතු කටයුත්තක්. එහිදී එකී තොරතුරුවලට ප්‍රවේශවීමට මහජනතාවට හැකියාවක් තිබෙනවා. නමුත් යොජිත සංශෝධනය එම කටයුත්ත යම් ගැටළුකාරී තත්ත්වයකට ගෙනයනවා. ‍යම් පුද්ගලයෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක සංස්කරණය කළ පිටපතක් ලබාගන්නා අයෙකු යම් නිලධාරියෙකුට හෝ ආයතනයකට ඉදිරිපත් කිරීම හැර වෙනත් කාර්යයක් සඳහා එය භාවිතා නොකළ යුතු බවට යෝජිත සංශෝධනයේ දැක්වෙනවා. එය උල්ලංඝනය කරන පුද්ගලයෙකු චෝදනාවලට වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක් හෝ වසරක් නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඩුවම් දෙකම වුවද පැනවීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලය තිබෙනවා. මේ තුළින් පුද්ගලයින්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සීමා පැනවීමක් සිදුවෙනවා.  මෙය දූෂණ විරෝධී සටන අධෛර්යමත් කිරීමක්. එබැවින් මේ සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකියි." යනුවෙනි.

"මීඩියා ලෝ ෆෝරම්" ආයතනය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාද දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට කරුණු ඉදිරිපත් කළේය.

" වර්තමානයේ තොරතුරු දැනගැනීම මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබෙන පසුබිමක මේ යෝජිත පනත් කෙටුම්පත හරහා ජනමාධ්‍යවේදින්ගේ තොරතුරු ලබාගැනීමේ නිදහසටත් සීමා පැනවෙනවා. එමෙන්ම මාධ්‍ය ආයතන වල හිමිකරුවන්, සභාපතිවරු, අධ්‍යක්ෂවරු අල්ලස් කොමිසමේ ඉලක්ක බවට පත්විය හැකියි. මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා අධ්‍යක්ෂවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට මෙම සංශෝධනය තුළින් දක්වා තිබීම මාධ්‍ය ආයතන පාලනය කිරීම සඳහා වක්‍රාකාරව දරන උත්සාහයක්.මේ තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බලපෑමක් එල්ලවනවා. එබැවින් මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා."

පෙත්සම් විභාගය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි