
මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී මත්පෙති 1000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම ඊයේ (02) සවස සිදුකර ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































