
2026 මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් වන කුඹල් පෙරහැර මේ වනවිට වීථි සංචාරය ආරම්භ කර තිබේ.
පස්වරු 06.40ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කළ පෙරහැර ශ්‍රී දළදා වීදිය හා ඊ.එල් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.
අද (21) සධාතුක කරඬු වහන්සේ වැඩමවීම සිදු කරනු ලබන්නේ, පුලතිසි රාජා විසිනි.
තෙවන කුඹල් පෙරහැර ඊයේ (20) වීථි සංචාරය කළ අතර සධාතුක කරඬුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පත්යට අයත් මියන්රාජා විසිනි.
පෙරහැරේ දියවඩන නිලමේ වෙනුවට විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා ගමන් ගත්තේය.


















































