
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (21) තවත් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ දිනන දකුණ සංවිධානය විසිනි.
ඒ අනුව ඊට එරෙහි ඉදිරිපත් කර ඇති මුළු පෙත්සම් ගණන 13 දක්වා ඉහළ ගොස් ඇත.
එහෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එය ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


















































