header logo
SLIC
උණුසුම් පුවත්
එල් නිනෝ අවදානමට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡාවක්
1h ago
එල් නිනෝ අවදානමට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡාවක්
EDEX

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ වන විට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත්, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන් අතර ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සහ සෙසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කෙරිණි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී නැවතත් මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙන අතර එම බලපෑම හමුවේ කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම ජල සහ විදුලිබල සැපයුමට එල්ලවිය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

බලපෑමට ලක් විය හැකි කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් වන ජනතාවගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව එම කටයුතු සැලසුම් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ වන විට ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මෙන්ම ඉදිරි වගා සැලසුම් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

ප්‍රධාන ජලාශ, සුළු වාරිමාර්ග සහ කුඩා වැව් මඟින් ජලය සපයන නිශ්චිත පාරිභෝගික ප්‍රතිශතයන් පිළිබඳව පැහැදිලි දත්ත පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව සහ වියළි කාලගුණයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ජල කප්පාදුවක් කිරීමට සිදු වුවහොත්, ජලාශ සම්පූර්ණයෙන්ම හිඳෙන තෙක් නොසිට, එම ප්‍රදේශවල ජනතාව සමඟ කතා කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද උපදෙස් දුන්නේය.

එමෙන්ම වැව්, ගංගා සහ ඔයවල් සම්පූර්ණයෙන්ම සිඳී යන ප්‍රදේශ හඳුනාගත යුතු බවත්, එවැනි ස්ථානවල ජීවත් වන ජනතාවට බීමට පමණක් නොව, අනෙකුත් දෛනික අවශ්‍යතා සඳහාද ජලය සැපයීමට සිදුවන බැවින් ඒ පිළිබඳ අවදානම සිතියම්ගත කර සූදානම් වීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමේ පවතින ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර ලබා දීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාවත් සමඟම, ජලාශවලින් ජලය නිකුත් කරන තෙක් නොසිට වර්ෂා ජලය උපයෝගී කරගෙන බිම් සකස් කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණු අතර එහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා විමසා බැලීය.

එල්-නිනෝ බලපෑම හමුවේ මිරිදිය ධීවර කර්මාන්තයට සහ මත්ස්‍ය නිෂ්පාදනයට එල්ලවිය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් වූ පූර්ව සූදානම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පීඩාවට පත්වන ධීවර ප්‍රජාවගේ ජීවනෝපායමාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් ඔවුන් රැක බලා ගැනීම වෙනුවෙන් වූ වැඩසටහන් සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වැවිලි කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත්, වනජිවී කලාපවල වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන වර්ෂාපතනයේදී උපරිම ජල ධාරිතාවක් රැස් කර ගැනීම සඳහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වසර තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සහ ලබන වසරේ පෙබරවාරි-අප්‍රේල් කාලයේ ජලාශ සිඳී යාම නිසා ඇතිවිය හැකි බලශක්ති අවදානමට මුහුණ දීම සඳහා සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩි අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට