
වසරේ ආරම්භක දිනයේ සිට ඊයේ (20) දින දක්වා සිදුවූ මාරක රිය අනතුරු 1,654ක් සිදුව ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මෙම මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 1,749ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඒ මහතා පැවසීය.
තවද බරපතළ අනතුරු හේතුවෙන් පුද්ගයින් 4,556ක් සහ සුළු අනතුරු 7, 295 හේතුවෙන් ප්‍රථිකාර සඳහා යොමු කර ඇති බවත් අලාභ හානි ලෙස 3,232ක් වාර්තා වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට පදිකයින් 576ක්, යතුරුපැදිකරුවන් 617ක්, පසුපැදිකරුවන් 122ක්, පාපැදිකරුවන් 119ක්, රියදුරන් 139 සහ මගීන් 173ක් අයත් බවද පැවසීය.


















































