header logo
Vallibel FD
උණුසුම් පුවත්
බණ්ඩාරවෙල පාසලක විද්‍යාගාරයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය කියන සංවේදී කතාව
Apr 13, 202608:05 PM
බණ්ඩාරවෙල පාසලක විද්‍යාගාරයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය කියන සංවේදී කතාව
Mobitel 1278

පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ බීකරයක් පිපිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා විය. එය පිපිරීමක් නොව ගිනි ගැනීමක් බවත් ඉන් එක් සිසුවියක් බරපතළ තුවාල ලැබූ බවත් තවත් සිසුවියක් සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් වේ. එහිදී බරපතළ තුවාල ලැබූ සිසුවිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

විද්‍යා විෂය භාර ගුරුවරිය විසින් ශාක පත්‍ර තුළ පිෂ්ඨය තිබේදැයි පරීක්ෂා කිරීමට සිසුන්ට ඉගැන්වීමට සැලැසුම් කර සිටියාය. ශාක පත්‍ර එතිල් ඇල්කොහොල් දැමූ පරීක්ෂණ නාලයක දමා ජලය දැමූ බීකරයක බහා ස්ප්‍රීතු ලාම්පුවක් ආධාරයෙන් රත් කිරීමට පියවර ගෙන ඇත.

ලාම්පුවේ තිරයට ගෑවෙන මට්ටමට පමණක් ස්ප්‍රීතු තිබීම හේතුවෙන් එහි දැල්ල භාගයට පත්තුවෙමින් තිබී ඇත. අදාළ ගුරුවරිය කතුරක් ආධාරයෙන් ලාම්පු තිරය එළියට ඇද ලාම්පුවට ස්ප්‍රීතු පිරවීමට කටයුතු කර තිබේ. එම අවස්ථාව වනවිටත් තිරය පත්තුවෙමින් තිබීම නිසා එය ඉතා සුළු වේලාවක් තුළ ගිනිගෙන තිබේ.‍ ඉන් බියට පත් වූ ගුරුවරිය ස්ප්‍රීතු අඩංගු කෑන් එක තුවාල ලබා රෝහල් ගතව සිටි සිසුවිය සිටි දෙසට විසි කර තිබේ.

ඒ සමඟම සුදු පාට දුමක් මතුවී ඇති බැවින් ඉන් අනතුරුව ගිනි ගැනීමක් සිදු වනු ඇතැයි බියට පත් වූ මෙම සිසුවිය නැගිට දිව යාමට උත්සහ කළ ද ඇයගේ පාදය සිරවී තිබී ඇත. කෙසේ හෝ පාදය ඉන් මුදාගෙන විද්‍යාගාරයෙන් පිටතට පැමිණෙන විට තමන්ගේ පාසල් නිලඇඳුමේ කොලරය ගිනි ගැනීමට ලක්ව ඇති බවට ඇයට අවබෝධ විය. ඇය උදව් ඉල්ලා කෑගැසුවාය. ඇයට කිසිදු පිහිටක් හිමි වූයේ නැත. ඒ අසළ තිබූ බුද්ද ගස අසලට දිව ගිය ඇය එහි වූ දල්ලක් කඩාගෙන ගින්න නිවීමට ඇය උත්සහා කළාය.

මෙම සිද්ධිය දුටු ගුරුවරියක් විසින් අදාළ සිසුවියගේ නිල ඇඳුම ඉරා දමා තිබුණේ, ඇයගේ මුළු සිරුරම ගිනි ගැනීම වැළැක්වීමේ අරමුණෙන්ය. ඉතිහාසය විෂය භාර ගුරුවරියගේ සාරි පොටට ආවරණයවී සිටි සිසුවියව තවත් ගුරුවරියක් විසින් මේස රෙද්දකින් ආවරණය කර තිබේ.

මේ සිද්ධියෙන් තවත් සිසුවියක් තුවාල ලබා ඇති බවට ද අදාළ ගුරුවරිය දැනගනු ලබන්නේ බණ්ඩාරවෙල රෝහලට යන අතරවාරයේදීය. දෙවන සිසුවියට ඉතා සුළු තුවාල සිදුව තිබූ බවට සඳහන් වේ.

මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ සිසුවියව බදුල්ල රෝහලට මාරු කර යවා ඇත. මෙම මූලික ප්‍රතිකාර කිරීමට පෙර සිසුවියගේ තුවාල ඡායාරූප ගැනීමක් සිදු කළ යුතු වූවත් බණ්ඩාරවෙල රෝහල විසින් එය මඟහැර ඇති බවට තුවාල ලැබූ දැරිවියගේ මව චෝදනා කරයි. සිසුවියගේ ප්‍රතිකාර සඳහා යන සියලු වියදම් තමන් විසින් දරන බව ඇය ප්‍රකාශ කර ඇතත්, මේ වනවිට ඇය පොරොන්දු ඉටු නොකරන බවට ද දැරිවියගේ මව චෝදනා කරයි.

බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම සිසුවිය කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා මාරු කර යැවිණි. මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇයගේ මුහුණ, බෙල්ල සහ අත්වල ගැඹුරු තුවාල පවතියි. එම තුවාල සඳහා තවත් සැත්කමක් කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට ඇය ඩෙංගු රෝගයට ‌ගොදුරුවී සිටියි. ඒ අනුව පිළිස්සුම් තුවාලවලට ගනු ලබන ප්‍රතිකාරවලට අමතරව ඇයට ඩෙංගු රෝගය සඳහා ද ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇත. ‌ඩෙංගු රෝගයෙන් සුවය ලැබූ පසුව පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana