header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
Mar 25, 202606:29 AM
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
Mobitel 1278

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (25) දින 26ක් ගතවී ඇත.

------------------------

Update -10.00PM

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය දැනටමත් “පාලනයෙන් තොර වී ඇති” බවත්, ලෝකය මේ වන විට “මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටිනවා” බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා ඇත්තේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන මෙම යුද්ධය අවසන් කිරීමට මෙය “සුදුසුම කාලය” බවය.

--------------------

Update - 9.55PM

හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සිය හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරතුර, දකුණු ලෙබනනයේ පිහිටි “ආරක්ෂක කලාපය” (Buffer Zone) පුළුල් කිරීමට පියවර ගන්නා බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

------------------------

Update - 8.05PM

යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර, ඒ් සඳහා ඔවුන් කොන්දේසි 5ක් ඉදිරිපත්කර තිබේ. ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් අද (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා මේ බව පවසා ඇත.

Update - 7.20PM

ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් සිටින අතරතුර ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, කිසිදු සීමාවකින් තොරව සටන දිගටම කරගෙන යන බවත් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් පවසා තිබේ.

----------------------

Update - 6.40PM

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසි, අමෙරිකාව සහ ඉරානය අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ ප්‍රකාශයක් කර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන අම‍ෙරිකා-ඉරාන සාකච්ඡා හුදෙක් න්‍යෂ්ටික ප්‍රශ්නයට පමණක් සීමා නොවී, කලාපීය ආරක්ෂාව පිළිබඳ තවත් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ඔහු පවසා තිබේ.
--------------------------

Update - 6.18PM

ඉරාන බුද්ධි අංශ විසින් ටෙහෙරාන් අගනුවරදී විශේෂ මෙහෙයුමක් දියත් කර පුද්ගලයන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ අවිආයුධ සහ චන්ද්‍රිකා අන්තර්ජාල උපකරණ රාජසන්තක කර ඇති බව වාර්තා වෙයි.

-------------------

Update - 6.15PM

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කර්මියෙල් නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

--------------------

Update - 6.10PM

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා පාකිස්ථානය මැදිහත් වීමට ගත් උත්සාහය චීනය අගය කර ඇති අතර, කලාපයේ සාමය ඇති කිරීමට ගන්නා සෑම පියවරකටම තමන් සහාය දෙන බව චීනය පවසා තිබේ.

--------------------------

Update - 6.01PM

ඉරාකයේ හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයකට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් පිරිසක් මියයාම නිසා, ඉරාකය විසින් එරට සිටින අමෙරිකානු තානාපති නිලධාරියා කැඳවා සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබේ.

---------------------

Update - 5.32PM

ඉරානයේ නාවික හමුදාවට අවශ්‍ය සබ්මැරීන් ඇතුළු තාක්ෂණික උපකරණ නිපදවන ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

-----------------------

Update - 5.20PM

ඔක්තොබර් මාසයේ සිට ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශ කර තිබුණද, එතැන් සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් විශාල පිරිසක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

-----------------------

Update - 5.00PM

සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයට ඇතුළු වූ සතුරු ඩ්‍රෝන යානයක් හඳුනාගෙන එය ගුවනේදීම විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත්ව තිබේ.

-------------------------

Update - 4.46PM

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් දකුණු ලෙබනනයේ පිහිටි නගර කිහිපයකට නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

---------------------

Update - 4.40PM

පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයේදී, මේ වන විට ඉරානයට බෝම්බ 15,000කට වඩා හෙළා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

------------------------

Update - 4.30PM

යුද්ධය නැවැත්වීම සඳහා ට්‍රම්ප් රජය විසින් සකස් කරන ලද විශේෂ යෝජනාවලියක් පාකිස්තානය විසින් ඉරාන රජය වෙත නිල වශයෙන් භාර දී ඇත.

----------------------

Update - 4.20PM

අමෙරිකානු හමුදා භටයින් ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ මුසාවන් සහ වැරදි තීරණවල ගොදුරු බවට පත්වනු ඇති බවට ඉරානය අනතුරු අඟවයි.

--------------------------

Update - 4.09PM

ඉරානය සහ අමෙරිකාව අතර පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය අඩු කිරීම සඳහා තුර්කිය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

-------------------------

Update - 3.58PM

ඉරාන ජාතිකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ලබාදී ඇති සංචාරක වීසා මාස හයක කාලයකට අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

---------------------

Update - 3.00PM

ඊශ්‍රායලයේ ප්‍රධානතම නගරයක් වන ටෙල් අවිව් නගරය අවට ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බව වාර්තා වේ.

-----------------------

Update - 2.00PM

ඉරාන රජය විසින් එරටට පනවා ඇති අන්තර්ජාල තහනමට දින 26ක් පුරා ක්‍රියාත්මක වන අතර, එය පැය 600 සීමාව පසුකර ඇති බව NetBlocks ආයතනය වාර්තා කරයි.

------------------------

Update - 1.53PM

බටහිර ඉරාකයේ පිහිටි හමුදා හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයකට සහ ඉංජිනේරු අංශයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් විශාල හානියක් සිදුව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

-------------------------

Update - 1.40PM

ඉරානයේ මිසයිල නිෂ්පාදනය කරන ස්ථාන දෙකකට තම ගුවන් යානා මගින් සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

------------------------

Update - 1.20PM

මධ්‍යම ගාසා තීරයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීනුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

----------------------

Update - 1.16PM

ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා තමන් සතු අතිරේක තෙල් සංචිත තවදුරටත් මුදා හැරීමට සූදානම් බව අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් (Fatih Birol) පවසා තිබේ.

----------------------

Update - 1.05PM

අම‍ෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සාමය සහ සාකච්ඡා ගැන පවසන කරුණු විශ්වාස කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.

--------------------------

Update - 12.10PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර මාලාව තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

------------------------

Update - 11.32AM

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිහිටි ඉන්ධන ටැංකියකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එයින් විශාල පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇත.

-------------------------

Update - 11.31AM

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන ඕනෑම සාකච්ඡාවකට පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් අනිවාර්යයෙන්ම සම්බන්ධ කර ගත යුතු බව කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් අල්-තානි පවසයි.

------------------------

Update - 11.27AM

උතුරු ඊශ්‍රායලයේ පිහිටි හමුදා මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
--------------------------

Update - 11.11AM

දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

-----------------------

Update - 10.53AM

පසුගිය පැය තුළ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට ප්‍රහාරක අවි 30ක් පමණ එල්ල කර ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.
-----------------------

Update - 10.32AM

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කිරියාට් ෂ්මෝනා (Kiryat Shmona) නගරයට එල්ල වූ රොකට් ප්‍රහාරවල වගකීම හීස්බුල්ලා සංවිධානය විසින් භාරගෙන තිබේ.

----------------------

Update - 10.30AM

මැදපෙරදිග යුද්ධයමය තත්ත්වය හේතුවෙන් ජෙට් ඉන්ධන මිල ඉහළ යෑම හේතුකොට ගෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අභ්‍යන්තර සහ ඍජු ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර තිබේ.

-------------------------

Update - 10.25AM

ඊශ්‍රායල හමුදා විසින් දකුණු ලෙබනනයේ හනින් (Hanin) නගරයට ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

----------------------

Update - 07.58AM

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර හමුවේ දකුණුදිග සිඩෝන්හි පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

----------------

Update - 06.53

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

----------------

Update - 06.38

අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව ද සඳහන්ය.

----------------

Update - 06.33

ඉරාන යුද්ධය අමෙරිකාව ජයගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ව්‍යාජ ප්‍රවෘත්ති විසින් යුද්ධය තවදුරත් පවත්වාගෙන යන බව ද ඔහු අවධාරණය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල