ආසන වෙන්කරගත් බස් මගීන්ට දැනුම්දීමක්

ආසන වෙන්කරගත් බස් මගීන්ට දැනුම්දීමක්

December 3, 2025   01:54 pm

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වූ වී තිබේ.

එම මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ සේවාව සිදුකරන ආයතනය සඳහන් කළේ, මෙම බස්රථවල ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000ක් සිටින බවය.

ඔවුන් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් තමන්ට කැමති වෙනත් දිනයක ආසනයක් ලබාගැනීමේ හැකියාව පවතින බව ආසන වෙන්කිරීමේ සේවය පවත්වන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් සමාගමේ කාර්යභාර නිලධාරි විමල් සිරිවර්ධන මහතා පැවසීය. 

ඒ වෙනුවෙන් 1315 අංකය හෝ   070 3110 506 අංකය අමතා වෙනත් පහසු දිනයක් ලබාගන්නා ලෙසත් කිසිදු ගාස්තු අයකිරීමක් ඒ සඳහා නොවන බවත්  කාර්යභාර නිලධාරිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට  නුවරඑළිය, නාවලපිටිය, 87 මාර්ගය යාපනය, වලපනේ, මුතූර්, බිබිල  යන ගමනාන්ත වෙත බස් රථ ධාවනය නොවන බවත් සෙසු ගමනාන්ත වෙත බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවත් ආසන වෙන්කිරීමේ හැකියාවද පවතින බවත් හෙතෙම පැවසීය.