header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
Oct 24, 202506:00 PM
මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
Mobitel 1278

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් සියදිවි හානි කර ගෙන ඇති පුවතක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ වෛද්‍යවරිය තමාගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව සිය අතෙහි සටහනක් තබා ඇති බවය.

එහි ඇය සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට කායික හා මානසික හිරිහැර සිදු කිරීම හේතුවෙන් තමා මෙසේ සිය දිවි නසා ගන්නා බවය.

වැඩිදුරටත් ඇය එහි දක්වා ඇත්තේ පසුගිය මාස පහ පුරාවටම එක් පොලිස් නිලධාරියෙකු විසින් තමා කිහිප වතාවක්ම දූෂණයට ලක් කර ලිංගික හිරිහැර කළ බවත් අනෙක් නිලධාරියා විසින් තමාට මානසික හිරිහැර කළ බවත් ය.

අදාළ වෛද්‍යවරිය විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණ ද ඔවුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නොමැති බවද සඳහන් වේ.

වෛද්‍යවරිය සිය දිවි නසා ගැනීමත් සමග අදාළ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

කෙසේවෙතත් මේ වන විට එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනමට ලක්ව ඇති අතර වෛද්‍යවරියගේ අතෙහි තිබූ සියදිවි නසා ගැනීමේ සටහනේ සඳහන් චෝදනා අනුව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහාරාෂ්ට්‍ර කාන්තා කොමිසමේ ප්‍රධානී රූපාලි චකන්කර් පවසා ඇත්තේ මේ කාරණය සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවය.

පලා ගිය සැකකරුවන් සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්