
පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් තලේබාන් පාලනය පළමු ප්‍රතිචාරය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යංශය කාබුල් හි පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරියා කැඳවා තිබේ.
ඇෆ්ගනිස්තානය පවසන්නේ පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරය දැඩිව හෙළාදකින බවය.
මෙය විශ්වාසය පළුදු කිරීම සහ දෙපාර්ශ්වයේ සබඳතාවලට ගැටුම් ඇති කිරීම ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවත් ඇෆ්ගනිස්තානය පවසයි.





















































