බස් ගාස්තු සංශෝධනය කෙරේ October 1, 2024 01:58 pm අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.