සයුරෙන් එතෙර
ඉන්දීය අගමැති යළිත් යුක්‍රේන ජනපති හමුවෙයි
September 24, 2024 11:03 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්‍රේන ජනාධිපති අතර යළිත් ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබේ.
ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදීය.
එහිදී සටන් විරාමයකට එළැඹීමේ අවශ්‍යතාවය, සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සියලුදෙනා එකඟ වන බවට තහවුරු කර තිබේ.
මෙම හමුවේදී සාකච්ඡා කළ බොහෝ කරුණු සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙන බවද වාර්තා වෙයි.