පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනයට රජයෙන් යෝජනාවක්
August 14, 2024 03:58 pm
පසුගිය සමයේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙම වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන් එම යෝජනාව සිදුකළ බවය.
එම යෝජනාව සඳහා IMF විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබාදීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින්, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමට මෙන්ම මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම ඊට අයත් වේ.