ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්
July 17, 2024 04:45 pm
ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුය.
අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිතය.
