
කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාට ඉක්මන් සුව පතා ඔහුගේ රසිකයන් ඇතුළු පිරිසක් විශේෂ බෝධි පූජා පිංකමක් සංවිධානය කර තිබිණි.
බෝධි පූජා පිංකම අද (22) පස්වරුවේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් චාමර වීරසිංහ මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

















































