JCB යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු මරුට
September 20, 2023 09:08 pm
මතුගම ප්‍රදේශයේදී JCB යන්ත්‍රයකට යටවීමෙන් පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
මියගොස් ඇති පාසල් සිසුවා චෙස් පුහුණුවීම් නිමවී පාසලට යාබද ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් JCB යන්ත්‍ර ක්‍රියාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර JCB යන්ත්‍ර ක්‍රියාකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
