
මෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් ප්‍රසිද්ධ කර තිබේ.
ඒ අනුව,
ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358කි.
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 231කි.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබිණි.
කෙසේ වෙතත් සයිනොපෙක් සමාගම ඉකුත් 30 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරමින් පෙන්වා දී තිබුණේ, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බවයි.
සයිනොපෙක් සමාගමේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන් පහත වගුවේ දැක්වේ.
| සයිනොපෙක් ඉන්ධන මිල ගණන් | සිපෙට්කෝ සහ IOC |
| පෙට්‍රල් 92 - Rs.358 | Rs. 361 |
| පෙට්‍රල් 95 - Rs.414 | Rs. 417 |
| ඔටෝ ඩීසල් - Rs.338 | Rs. 341 |
| සුපර් ඩීසල් - Rs.356 | Rs. 359 |
| භූමිතෙල් - Rs.231 | Rs. 231 |
https://youtu.be/nENQtVK8wJs


















































