16 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

16 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

August 21, 2023   07:41 am

බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

බඹර ප්‍රහාරයකින් බේරීමට තවත් තිදෙනෙකු සමග මෙම සිසුවා ද දිව යන අතරවාරයේ ගලකින් පහළට ඇද වැටී ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි.

නුවරඑළිය පොලීසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බඹර ප්‍රහාරයට ලක් වී ඇදවැටි සිටි සිසුවා කඩිනමින් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු එහිදී  මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.