header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අනතුරින් බරපතළ තුවාල ලැබු දෙදරු පියා සතියකට පසු මියයයි
Jul 06, 202301:51 PM
අනතුරින් බරපතළ තුවාල ලැබු දෙදරු පියා සතියකට පසු මියයයි
Mobitel 1278

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පුලිච්චාකුලම ප්‍රදේශයේදී පසුගියදා 28වනදා අනතුරට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදරු පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය ජුනි 28 වැනිදා රාත්‍රි 10.30ට පමණ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ දී වෑන් රථයක ගැටී බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරුවෙකු අනතුර සිදුවූ වෑන් රථයේම නංවාගෙන, සිතාමතාම රෝහල් ගතකිරීම පමාකිරීමේ පුවතක් පුත්තලම පුලිච්චාකුලම ප්‍රදේශයෙන් වාර්තා වුණි.

අශාන් මධුෂාන් මෙන්ඩිස් නම් 35 හැවිරිදි දෙදරු පියෙක් වන පැදිකරු එම අනතුරින් බරපතළ තුවාල ලැබුවේය.

ගිලන් රථයක් ගෙන්වා මධුෂාන්ව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කිරීමේදී, වෑන් රථයේ සිටි පිරිස ඔහුව එම වෑන් රථයටම නංවාගෙන පුත්තලම දෙසට රැගෙන ගොස් තිබුණේ රෝහල්ගත කරන බව පවසමිනි.

අනතුර සිදුවූ ස්ථානයට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි මුන්දලම රෝහලට ඇතුළත් නොකර, කිලෝ මීටර් 25ක් පමණ දුරින් පිහිටි පුත්තලම මූලික රෝහලට ඔහුව ඇතුළත් කර ඇත්තේ අනතුර සිදුව පැය 3කට පමණ පසුවය.

මධුෂාන්ව රෝහල්ගත කළ පුද්ගලයින් ඥාතීන්ට පවසා ඇත්තේ, තුවාල ලබා මාර්ගයේ වැටී සිටියදී මෙලෙස ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කළ බවය.

කෙසේ වෙතත්, අධික රුධිර වහනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු මධුෂාන්ගේ දකුණු පාදය එහිදී ඉවත් කර ඇති අතර, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුන්දලම පොලීසිය අනතුර සිදුවූ ස්ථානයේ වැටී තිබූ වෑන් රථයේ අංක තහඩුව ඔස්සේ එහි හිමිකරු අනාවරණ කරගෙන තිබේ.

ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ, එම වෑන් රථය තමන් මීට කලකට පෙර වෙනත් පුද්ගලයෙකුට විකිණු නමුත්, එය මේ දක්වා ඔහුගේ නමට පවරාගෙන නොමැති බවය.

ඒ අනුව වාහනය මිලට ගත් පුද්ගලයා පොලිසිය විසින් සොයා ගැනු ලැබූ අතර, වෑන් රථයේ රියදුරු, අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ වෑන් රථය ඊයේ මන්නාරමේ සිට මුන්දලමට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනුණි.

සැකකරුවන් තිදෙනා පොලිසියට රැගෙන ඒමේදී මධුෂාන්ගේ ඥාතීන් ඇතුළු පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, අනතුරට ලක්වූ මධුෂාන්ව වෑන් රථයේ නංවාගෙන ගොස් අතරමඟ නවතා ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන ඔහුව රෝහල්ගත කළ බවය.

එය පැමිණෙන තෙක් බරපතළ තුවාල ලැබූ මධුෂාන්ව අනතුරට ලක්වූ වෑන් රථය තුළම පැය 3ක් පමණ තබාගෙන සිටි බවත්, පසුව වෑන් රථය මන්නාරමට රැගෙන ගොස් සැඟවූ බවත් සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ අත්අඩංගුවට පත්වු වෑන්රථ රියදුරු, හිමිකරු සහ තවත් සැකකරුවෙකු ජූලි 12 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා මුන්දලම පොලීසියට නියෝග කළ බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana