header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ආර්ථිකය ගැන රතු එළියක්
Nov 16, 202208:07 PM
ආර්ථිකය ගැන රතු එළියක්
Mobitel 1278

රටේ වත්මන් ආර්ථික අර්බුදයට කොවිඩ් වසංගතය හේතුවී නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනුකාරක සභාව හෙළිකරයි.

එම අනු කාරක සභාව පවසන්නේ දැඩි මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට යාම තුළ රටේ ආර්ථිකය තවත් අනතුරට ලක්වීමට ඉඩ ඇති බවය.

ආර්ථික අර්බුදය පිළිබඳ නිරීක්ෂණ ඇතුළත් සිය පළමු වාර්තාව නිකුත් කරමින් පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව මෙරට ආර්ථිකයට අදාළ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනුකාරක සභාවේ පළමු වාර්තාව අද (16) නිකුත් කෙරුණි.

ඒ රජයේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ඖෂධ හිඟය සහ සෞඛ්‍ය, ආහාර පෝෂණය හා සමාජ ආරක්ෂණය, බලශක්තිය සහ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර ඔස්සේය.

එහි රජයේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යන ක්ෂේත්‍රය ඔස්සේ මෙම අනුකාරක සභාව කරුණු රැසක් පෙන්වා දී තිබේ.

2022 වසරේ ඔක්තෝබර් මස නිකුත් කෙරුණු ලෝක බැංකු වාර්තාව උපුටා දක්වමින් මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම ආර්ථික අර්බුදයට කොවිඩ් වසංගතය හේතුවක් වී නොමැති බවය.

විනයකින් තොරව පවත්වාගෙන ගිය මහ බැංකු මුදල් ප්‍රතිපත්ති ඇතුළු කළමනාකරණයේ දුර්වලතා ඊට හේතුවී ඇති බව එහි සඳහන්ය.

මේ වසරේ ජුනි මස වන විට පමණක් රජයේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව 122%ක් බව එම වාර්තාව පෙන්වා දෙයි.

දැඩි ආනයන සීමා, විදේශ විනිමය කොන්දේසි නිසා තාවකාලික සහ තිරසර නොවන මූල්‍ය සමතුලිතතාවයක් අත්කරගෙන ඇතත් විදේශ වෙළෙඳාම හැකිළීමේ ප්‍රතිපත්ති නිසා ආර්ථිකය ප්‍රකෘර්තිමත් කිරීමට ගතවන කාලය දිගුවනු ඇති බව එම අනුකාරක සභාවේ අදහසකි.

දැඩි ලෙස මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ගන්නා උත්සාහයේදී ආර්ථිකය බිඳවැටිමේ අනතුරක් ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

මෙවර අයවැයෙන් රජයේ පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම් පාලනයට විධිමත් ක්‍රියාවලියක් හඳුන්වාදී නොමැති බවත් වාර්තාව පවසයි.

ආර්ථික සංකෝචනය නිසා අයවැයෙන් අපේක්ෂිත ආදායම ලැබේදැයි අනපේක්ෂිත බවත් රජයේ පුනරාවර්ථන වියදම්වලින් 10%ක් සහ ප්‍රාග්ධන වියදම්වලින් 60%ක් කපා නොදැමුවහොත් 2023 වසරේදී ද රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයකට යා නොහැකි බව මෙහි සඳහන් වෙයි.

ඒ අනුව නාමමාත්‍ර රාජ්‍ය ආයතන වසාදැමීම, රාජ්‍ය ආයතන විධිමත් විගණනයකට ලක්කිරීම, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් තරගකාරී පදනමින් බඳවා ගැනීම් සිදුකිරීම, සෑම රාජ්‍ය ආයතනයකටම මූල්‍ය සහ කාර්යය ඉලක්ක ලබාදීම වැනි නිර්දේශ රැසක් එහි අඩංගු ය.

එමෙන්ම රටේ යුදමය තත්ත්වයක් නොමැති බැවින් ආරක්ෂක අංශවල සිටිය යුතු සෙබළ සංඛ්‍යාව තීරණය කළ යුතු බවත්, අත්‍යවශ්‍ය නොවන පිරිස් සඳහා නව ආර්ථික ක්‍රියාමාර්ග හඳුන්වා දියයුතු බව අනුකාරක සභාව පවසයි.

ආදායම් වියදම් හා ණය ස්ථාවරත්වය සඳහා මුදල් අමාත්‍යාංශයට හා එහි බලධාරීන්ට වගකීම පැවරෙන හා වගවීමට බැඳෙන නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් වහා සම්මත කරගත යුතු බවත් එහි සඳහන් වෙයි.

එමෙන්ම උද්ධමනය සම්බන්ධයෙන් මහ බැංකුවේ වගවීම සහතික කරන නව මූල්‍ය පනතක් අවශ්‍ය බවත් ඒ හරහා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, අධිපතිවරයා සහ ඉහළ පාලන අධිකාරිය රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වගකීමට හා වගවීමට යටත් කළයුතු බව වාර්තාව පෙන්වා දෙයි.

තවද දේශපාලනඥයන්ගේ සහ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් සියලුදෙනාට දැනගත හැකි පරිදි ප්‍රසිද්ධ කළයුතු බව වාර්තාවේ නිර්දේශ කර තිබේ.

ප්‍රසම්පාදන ජාතික කොමිෂන් සභාවක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවත් එම අනුකාරක සභාව පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana