header logo
Vallibel FD
උණුසුම් පුවත්
ශවේන්ද්‍ර අර්බුදයක් කරගත් ජාත්‍යන්තරය
Aug 20, 201907:03 PM
ශවේන්ද්‍ර අර්බුදයක් කරගත් ජාත්‍යන්තරය
Mobitel 1278

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් වන බවත් , ඊට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

කෙසේවෙතත් ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරීම අතිශයින් අර්බුදකාරී තත්වයකට මගපාදනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත්කරනු ලැබුවේ ඊයේ(19) දිනයේදීයි.

කෙසේවෙතත් එම පත්කිරීම දෙමළ ජනතාවට සිදු කළ නිග්‍රහයක් ලෙසින් හඳුන්වන බව පවසමින් දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කළ අතර කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් තම අප්‍රසාදය පළ කර තිබුණි.

මෙවන් පසුබිමක සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියද , නව යුද හමුදාපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුදහමුදාපති ධුරයට පත්කිරීමේ තීරණය , ඔහුට එල්ල වී ඇති යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ චෝදනා සැලකිල්ලට ගෙන බලන විට රටේ කවර හෝ සංහිඳියා ක්‍රියාවලියක අවසානය සලකුණු කෙරෙන පියවරක් වන බවයි.

එබැවින් මිත්‍ර පාක්ෂිකයන් දැන් ඒ සම්බන්ධයෙන් මූලධාර්මික පියවරක් ගනු ඇතැයිද , නිල රාජකාරියක් සඳහා හෝ ශවේන්ද්‍ර සිල්වාට විදේශගතවීමට වීසා බලපත් ලබා නොදෙනු ඇතැයිද තමන් අපේක්ෂා කරන බව සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා මහත්මිය එම නිවේදනයෙන් පවසයි..

යස්මින් සූකා යනු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ දරුස්මාන් වාර්තාව සකස්කිරීමටද දායක වී කටයුතු කළ තිදෙනාගෙන් එක් අයෙක්.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මියද නිවේදනයක් නිකුත් කරමින් නව හමුදාපති පත්කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.

ඇය සිය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම අතිශයින් අර්බුදකාරී තත්වයකට මඟ පාදනු ඇති බවයි.

එසේම එම පත්කිරීම 'මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට අදාළව සාධාරණත්වය සහ වගවීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රි ලංකාවේ පවතින කැපවීම' දුර්මුඛ කෙරෙන සිදුවීමක් බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුදහමුදාපති ධුරයට පත්කිරීම සහ ඊට එරෙහිව එල්ල වන විවේචන පිළිබඳව අද පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළ කළේය.

කෙසේවෙතත් අද නිවේදනයක් නිකුත් කළ මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් වන බවයි.

විදෙස් පාර්ශ්ව මෙරට රාජ්‍ය සේවයේ උසස්වීම් හා අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලියට බලපෑම් කිරීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවත් , චෝදනා මත පදනම්ව මෙවන් සැලකිල්ලක් දැක්වීම ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට